ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටි
සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාවේදී රටේ ජනතාවගෙන් ලද සහයෝගය පිලිබඳව ස්තුතිවන්ත වන බව ද යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය .
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව යලිත් ඒකරාශි නොවී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටි
ඉදිරි සති 2-3 තුළ දී ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි බවද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත .