රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ප්‍රසම්පාදනය අවසන් කළ ලිපිගොනු සිරවී තිබිම සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ ලිපිගෙනු සිරවි තිබිම ඖෂධ හිඟයට හේතුවි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ඖෂධ සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවේදි මේ පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ජා කර තිබේ .
දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් ඇති බව ද මෙහිදී හෙළි විය .
මෙ තත්ත්වය සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු තවත් උග්‍රවන බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් මෙහිදී ප්‍රකාශ කර ඇත .
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ කඩිනමින් ලබා ගැනීමට හැකිවුවත් ඊට අවශ්‍ය ලිපිගොනු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ සිරවී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදී .
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදනය අවසන් කළ ලිපිගොනු 200ක් පමණ සිරවී ඇති අතර ඒවායින් ඖෂධ ආනයනය කිරීම සඳහා සැපයුම්කරුවන්ට නිදහස් කර ඇත්තේ ලිපිගොනු 90ක් බවද මෙහිදී හෙළිවිය.
තවද රාජ්‍ය මට්ටමෙන් ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී සාකච්ජා කෙරුණි.