දිවුලපිටිය – මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 127 කට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

යළි දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය.

දිවුලපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මෙලෙස ඇඳිරි නීතිය පනවා තිබේ.