ප්‍රදේශ කිහිපයකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 4කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යාඥයෝ දන්වා සිටී.