නවතම පුවත්

දිස්ත්‍රික් 7කට රත්වෙන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

දිස්ත්‍රික් 7කට අද දිනය අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද වැඩි උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවති.

දැනට රටට බලපා ඇති අන්තර් මෝසම් සමය තුළ එවැනි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික උණුසුමෙන් ඇතිවිය හැකි හදිසි රෝගී තත්වයන් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකිතාක් සෙවණේ සිටීම, එළිමහනේ වෙහෙස වීමෙන් වැළකීම, වාහන තුළ දරුවන් තනිව තබා නොයාම, වැඩිහිටියන් පිළිබඳ අවධානයෙන් සිටීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්