නවතම පුවත්

දිළිඳු පවුල් ගණන ලක්‍ෂ 17කින් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ 2019 වසර වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව හයලක්ශ 81,800ක් වූ අතර මේවනවිට එය විසිහතර ලක්ශ 22,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ සිදු කිරීමට නියමිත සමීක්ෂණය තවමත් සිදු කර නොමැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කළ සමීක්ෂණයකදී 2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල සීඝ්‍ර වර්ධනයක් මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සිදුව ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.
මේවනවිට මෙරට සාමාන්‍ය පවුලකට ජීවත් වීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය 2021 වර්ෂය හා සැසදීමේදී ඉහළ ගොස් තිබුණද ආදායම පහළ ගොස් ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සදහන් කළේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි