නවතම පුවත්

දුප්පත් පවුල් 70000කට නොමිලේ කිරිපිටි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබෙනවා.

එම සමාගම විසින් එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදීයි. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි.

එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පැවසුවේ රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි.

එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඔහු එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්