නවතම පුවත්

දුබල අයට ගෙන් ගෙට ගොස් එන්නත්කරණය ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* 60ට වැඩි අයට එන්නත් දෙන තැන් අද සහ හෙටත්

පැතුම් වික්‍රමරත්න

වැඩිහිටි, රෝගී, ආබාධිත හා දුර්වල පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ අද (12) සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරේ.

දුරකථන අංක 1906 හෝ 0112860002 ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන ලෙස යුද හමුදාව දැනුම් දෙයි. ඔවුන් එවැනි අවශ්‍යතා ඇතිව ලියාපදිංචි වූ පුද්ගලයන්ගේ නිවෙස වෙත ගොස් එන්නත් ලබා දෙනු ඇත.

මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය අද සහ හෙට ද සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙතෙක් එන්නත් ලබා නොගත් අවුරුදු 60ට වැඩි බස්නාහිර පළාතේ පුද්ගලයින්ට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත හැකිය.

මෙතෙක් එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කොවිඩ් -19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ වන විට රැස් කරගෙන ඇති බව සඳහන්ය.

එන්නත ලබාගත යුතු දිනය වේලාව සහ ස්ථානය සඳහන් කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථන වෙත එවනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

එසේ එන්නත නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථානය වෙත සපයා නොමැති නම් හෝ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ 1906 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින් දැක්වේ.

*කොළඹ දිස්ත්‍රික්කය – යුද හමුදා රෝහල – නාරාහේන්පිට (අගෝස්තු 12 හා13 යන දිනවල)
*ගම්පහ දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – ගම්පහ (අගෝස්තු 12, 13 හා 14 යන දිනවල)
*කළුතර දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – කළුතර (අගෝස්තු 12 වන දින)

පැතුම් වික්‍රමරත්න

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති  නව මාරාන්තික  වෛරස් රෝගයක් මේවනවිට  අප්‍රිකානු ගිනියා රාජ්‍යය ආශ්‍රිතව පැතිරෙමින් ඇති බව  වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටි.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

එම වෛරසයේ  පැතිරීම වැළැක්වීම සඳහා වහා  පියවර ගත යුතු බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කාර්යාලය  ප්‍රකාශ කර ඇත .

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගැලීම සිදුවන බවටද  හඳුනාගෙන ඇත .

මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවද ලෝක සෞඛ්‍ය   සංවිධානය සඳහන් කර ඇත ..

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකට පසුව වීමද විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්