නවතම පුවත්

දුම්කොළ බදු ඉහළ නංවන්නැයි සංවිධාන රැසක් ඉල්ලයි

අසංක

අසංක

දුම්කොළ බදු ඉහළ නංවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආර්ථීකය සුරක්ෂිත කරන ලෙස, මෙරට ප්‍රධාන පෙලේ වෛද්‍ය විද්‍යායතන හා අමධ්‍යප සංවිධාන කිහිපයක් එක්ව රජයෙන් ඉල්ලා සිටී.

මෙම වෛද්‍ය විද්‍යායතන හා සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

දුම්කොළ භාවිතය සහ දුම්පානය කෝවිඩ් 19 හි දරුණු සංකූලතා ඇතිවීම සහ මරණ අවධානම වැඩිවීම කෙරෙහි දැඩි සම්බන්ධතාවයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව පෙන්වා දී ඇත.

මේ අනුව, මහජන හිතකාමී රජයකට තම පුරවැසියන් කෝවිඩ් 19 වෛරසයෙන් බේරා ගැනීමට පමණක් නොව, දුම්කොළ ආශ්‍රිත විවිධ සෞඛ්‍ය ගැටලූ වැළැක්වීමටත්, ඒ හරහා ඇතිවන ගෘහස්ථ හා ප්‍රජා මට්මමේ ආර්ථීක හා සාමාජයීය අහිතකර බලපෑම් වැළැක්වීම සඳහාත් දුම්කොළ පාලන ක්‍රියාමාර්ග දැඩි කිරීමට මෙය ලැබුණු මහඟු අවස්ථාවක් බව කිව හැකිය.

දුම්කොළ එය භාවිතා කරන්නන්ගෙන් 50%ක් සහ ශ්‍රී ලාංකිකයන් 20000ක් අකාලයේ මරාදමනු ලබයි. එය ඒක පුද්ගල සහ ප්‍රජා මට්ටමේ දරිද්‍රතාවයෙහි ප්‍රධාන නිර්ණායකයක් වන අතරම, මන්දපෝෂණ සහ අඩු ආර්ථීක ඵලදායීතා විෂම චක්‍ර වලටද දායක වේ.

දුම්කොළ භාවිතය අඩු කිරීම සඳහා දුම්කොළ බදු ඉහළ නැංවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්ති නීතිරාමුව (FCTC) යටතේ සාක්ෂි පදනම් කරගත් නිර්දේශිත ක්‍රමෝපාය හයෙන් එකකි.

ශ්‍රී ලංකාවද 2003 වර්ෂයේ සිට දුම්කොළ පාලනය කිරීමේ ගෝලීය ගිවිසුම වන මෙහි පාර්ශව කරුවන් ලෙස කටයුතු කරයි.

මෙම වසරේ අයවැය යෝජනා වලින් පැහැදිලි වන පරිදි මෙය වැඩිපුර උපයෝගී කර නොගත් උපායමාර්ග වලින් එකක් වුවද බදු ඉහළ නැංවීම, බලවත්, ඵලදායි, මෙන්ම ජයග්‍රාහී ක්‍රමෝපායක් බව නැවත නැවත ඔප්පු වී ඇත්තේ එය සිය පුරවැසියන් දුම්කොළ වලින් ආරක්ෂා කිරීම පමණක් නොව රජයේ බදු ආදායම ද වැඩි කරන බැවිනි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, ගෝලීය දුම්කොළ පාලන ප්‍රඥප්ති නීතිරාමුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය, යන ආයතනයන් ඒකාබද්ධව 2016 දී සිදුකළ දුම්කොළ පාලනය සඳහා වන ආයෝජන පිළිබඳ සිද්ධි අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන ආකාරයට නියමිත ආකාරයෙන් දුම්කොළ බදු වැඩිකළහොත් 2030 වන විට එම ආයෝජනයේ ප්‍රතිලාභය 724 ගුණයකි.

එනම් රජය ඒ වෙනුවෙන් වැයකරන සෑම රුපියලකටම රුපියල් 724ක් නැවත රජයට ලැබේ. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති කේන්ද්‍රය මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඉදිරි වසර හතර තුළ (2020-2023) විද්‍යාත්මක පදනමකින් දුම්කොළ බදු සිව් අදියරකින් වැඩි කිරීමෙන් රජයේ ආදායම ඩොලර් බිලියන 37 කින් ඉහළ යනු ඇති බවත්, දුම්කොළ භාවිතය 12.5% ට වඩා අඩු වන බව (වර්තමාන අගය වන 18% සිට) සහ අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 141, 391ක් අකල් මරණ වලින් බේරා ගන්නා බවත්ය.

එබැවින් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය හා දුම්කොළ පාලනය වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් වන අප, යහපත් සෞඛ්‍ය සහ ආර්ථීක මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන, විද්‍යාත්මක සාක්ෂ්‍ය පදනම් කරගත් තාර්කික බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, දුම්කොළ බදු වැඩි කිරීම මඟින් සිගරට් මිල ඉහළ යාමෙන් සිගරට් භාවිතා කරන්නන් අඩු කිරීමටත්, ඒ හරහා අපගේ රටත් එහි පුරවැසියනුත් කෝවිඩ් 19 සහ අකල් මරණවලින් ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්