නවතම පුවත්

දුම්පානය , කොවිඩ් මාරයාට අතවැනීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන අය කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව අනාවරණය වී ඇත .

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  මහතා මාධ්‍ය වෙත පැවසුවේ .එවැනි කොවිඩ් මරණ කීපයක්ම පසුගිය දිනවල වාර්තාවූ බවය.

දුම් පානය හේතුවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය දුර්වලවන බවත් කොවිඩ් වැළඳීමෙන් එවැනි අයට කොවිඩ් නිව්මෝනියා තත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

දුම් බොන්නන් ළඟ සිටීම නිසා බොහෝ දෙනා නිතැත් දුම් පානයට (passive smorking) ගොදුරුවන බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඒ ආකාරයට දුම් ශරීරගතවීමද අවදානම් සහගත බව සඳහන් කළේය.

දුම් පානය කරන අය ළඟ සිටින දරුවන්ටද මේ ආකාරයට සිගරට් විෂ දුම ශරීරගත විය හැකි බවත් එවැනි නිතැත් දුම්පානයට ගොදුරුවන දරුවන්ට කොවිඩ් වැළඳුනහොත් ඔවුනට බරපතළ සංකූලතා මතුවී මරණය පවා සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්