නවතම පුවත්

දුම්බීම භයානක මානසික රෝග කිහිපයකට හේතුවක්

අසංක

අසංක


දුම්බීම භයානක මානසික රෝග කිහිපයකටම ප්‍රධාන හේතුකාරකයක් විය හැකි බව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඇත.

එම පර්යේෂකයන් කණ්ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණ 61ක් අනුසාරයෙන් පළ කරන ලද විශ්ලේෂණ වාර්තාවක දැක්වෙන්නේ සිගරට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොලය තුල වෙනස් කම් සිදු කිරීමට සමත් බවයි.

ඒ අනුව දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝ විකාරයට හේතු වන බව තහවුරු වන බවද මෙම පර්යේෂකයින් අවධාරණය කර ඇත.

භින්නෝන්මාදය(schizophrenia) නම් මානසික රෝගී තත්වය වර්ධනය වීමටද ප්‍රබල සාධකයක් ලෙස දුම්පානය සැලකිය හැකි බව මෙම පර්යේෂකයින් අනාවරණය කරගෙන ඇත.

දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව පිළිබඳව කරුණු රැසක් හෙළිවී ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කිරීම ඉතා වැදගත් බවත් ඔවුන් තම වාර්තාවේ දක්වා ඇත.

භින්නෝන්මාදය(schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන මානසික රෝගී තත්වයකි.

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම් පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්වය ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම් බොන්නන් මේ තත්වයට වැඩියෙන් ගොදුරු වන බවයි.

මෙම පර්යේෂකයන් කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීයක් (14 500 ) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එක සිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදා ගෙන ඇත.

දුම්පානය නොකරන පුද්ගලයන් හා සසඳන විට දිනපතා දුම්පානයට ඇබ්බැහි වූවන්ට භින්නෝන්මාදය වැළඳීමට දෙගුණයක ඉහල ඉඩකඩක් පවතින බව මෙම පර්යේෂණ වලින් තහවුරුවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්