දුම්රිය ඉඩම් බදුදෙයි

Picture of අසංක

අසංක

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදුදීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇත.

ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි.

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

කෙසේ වෙතත් මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ඇත.