නවතම පුවත්

දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව අත්හිටුවයි – අත්අඩංගුවට ගන්න නියෝග

අසංක

අසංක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව වන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත.

දුමින්ද සිල්වාගේ විදේශ ගමන් තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් සිල්වා මහතා ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබීය.

එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළ ද ඝාතන වරදට මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබුණි.

ඉන් අනතුරුව 2021 ජුනි 24 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වා මහතාට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමෙන් පසු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ද දුමින්ද සිල්වා පත් කරන ලදී.

මේ මස මුලදී දුමින්ද සිල්වා රටින් පිටව ගොස් ඇති බවට ඇතැම් වාර්තාවල පලවී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්