නවතම පුවත්

දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ගාස්තුත් ඉහළට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ යනු ඇති.

සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු ද වැඩිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ.

මෙලෙස විදුලි සංදේශ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මෙලෙස අදහස් පළ කළා.

වැට් බද්ද සියයට 4 කින් වැඩිවීම අනුව දුරකථන සේවා ආයතන මගින් ලබාදෙන අන්තර්ජාල සේවා ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා. මීට අමතරව ජංගම දුරකථන මාසික පැකේජ ගාස්තු සහ චන්ද්‍රිකා රූපවාහිනී පැකේජ ගාස්තු ද අද සිට ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!