නවතම පුවත්

ඉදිකිරීම් ප්‍රමාදය ගැන ජපන් රජයට පැමිණිලි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ(BIA) නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතල ලෙස ප්‍රමාද වීම සම්බන්ධව ජපාන රජයට පැමිණිලි කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා පැවසුවේ , මෙම ඉදිකිරීම් සමාගම් තෝරාගනු ලැබුවේ ජපාන රජය විසින් වන අතර ඉදිකිරීම්වල බරපතල ප්‍රමාදයක් පවතින බවයි.

අමාත්‍යවරයා එම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට සිය බලවත් අප්‍රසාදය ද පළ කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම ඉදිකිරීම්වලට අදාල කොන්ත්‍රාත් අත්සන් තබනු ලැබුවේ මීට වසර අටකට පමණ පෙර බවයි.

නමුත් මේ දක්වා එහි සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් හා ඊට අදාළ ගුවන් යානා මෙහෙයුම් පද්ධතිය ද ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතියේ වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය දහතුනකි.

මෙහි ඉදිකිරීම් 2019 දි සහ 2020 දී ආරම්භ කර ඇති අතර එම කොන්ත්‍රාත් ගිවිසුමට අනුව ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පැවතිය යුතු නමුත්, සෑහීමකට පත්වීමට හැකි තරමට එම ඉදිකිරීම් මේ දක්වා සිදු වී නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, මෙම දෙවන පර්යන්තය වර්තමානයේ පවතින ගුවන්තොටුපොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද එම මුල් සැලැස්මට පරිබාහිරව එහි ආරක්ෂක පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉදිකිරීම් සමාගමේ උදාසීන තත්ත්වය සහ ඉන්ධන අර්බුදය මෙයට බලපෑවත් එකඟ වූ දිනයට කොන්ත්‍රාත් කටයුතු අවසන් කිරීම කොන්ත්‍රාත්කරුගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ, අතුරු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේ දී බරපතල අක්‍රමිකතා සිදුවී ඇති අතර නුසුදුසු අතුරු කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු භාර දීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අඩාල වීමට හේතු වී ඇති බැවින් එම අතුරු කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙසය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්