‘දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ඇතිකරනවා’- ජනපති ගෝඨාභය ජාතියට පොරොන්දු වෙයි

Picture of අසංක

අසංක

දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ඇතිකරන බව පළමු වරට ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම මේ අදහස් දැක්වීය.

“දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ඇතිකිරීමටත් තනතුරු ලබාදීමේදී දක්ෂතා හා හැකියාවට මුල් තැන දෙන බව මා කියන්න කැමතියි. ප්‍රතිපත්තිය තුළ ඇති කරුණු සියල්ලක්ම මාගේ ධුරකාලය ඉටුකරනවා. වුවමනාව ඇත්නම් කළ නොහැකි දෙයක් නැත.

බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීම මම ඇපකැප වෙමි. මම මගේ රටට ආදරෙයි. මම මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත සෞභාග්‍යය වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට මා හා එක්වන මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේය.

ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේදී රට පුරා රතිඤ්ඤා හඬ නගමින් ජනතාව ප්‍රීතිය සමරනු දැකිය හැකිවිය.

මේ වනවිට මහා සංඝරත්නය විසින් නව ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පූජා පැවැත්වීමට මේ වනවිට සිදුකෙරේ.

සේයාරූ – හර්ෂණ උදයංග
සේයාරූ – සාගර ලක්මාල් ද මෙල්
සේයාරූ – සාගර ලක්මාල් ද මෙල්
සේයාරූ – සාගර ලක්මාල් ද මෙල්
සේයාරූ – සාගර ලක්මාල් ද මෙල්
සේයාරුව – කමල් ජයමාන්න