දූෂණ අක්‍රමිතා කල ක්‍රීඩයකයන්ගේ නම් හෙළි කරන‍්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණ සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

Cricket next පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක නමක්වත් එළියට දාන්නේ නෑ. එහෙම නොකරන ඔබ සමස්ත රටකටම චෝදනා කරන්නේ? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ. මේ ක්‍රීඩකයන් මේ දේවල් කරලා තිබෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. ඔවුන්ගේ සැකයට ක්‍රීඩකයන් වැරදි බව කියන්න බෑ. මේ නිසා ක්‍රීඩකයනුත් භය වෙලා ඉන්නේ.”