නවතම පුවත්

දෙපැත්තම බේරගෙන ගුරු වැටුප් ගැටලුව විසඳන්න කැබිනට් අනු කමිටුව තීරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රජයටත් ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ටත් පිළිගත හැකි සුදුසු විසඳුමක් සකස් කිරීමට ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව ඊයේ (12) පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග මෙම කැබිනට් අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ය.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ වර්ජනය නතර කිරීම හෝ ඉදිරියට ගෙන යෑම වෘත්තීය සමිතිවල කාරණයක් බවත් පවතින ගැටලුව පිළිබඳව සත්භාවයෙන් කටයුතු කරමින් ඇති බවත්ය.

මෙය  නිවැරදි කළයුතු ප්‍රශ්නයක් බවට අනුකමිටුව පිළිගෙන ඇති බවත්  ඒ පදනමේ සිටිමින් මෙම ගැටලුව ඔවුන් සමග සාකච්ඡා කරන බවත් හෙතෙම කීය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නායකයින් එක්ව ඊයේ (12) කොළඔ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරම්භ කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්