නවතම පුවත්

දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීම ගැටළුවක් – වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඇස්ට්‍රාසෙනෙකා  කොවිඩ් එන්නතේ  පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුරවැසියන්ට , එහි දෙවන මාත්‍රාව ලබාදීම මේ වනවිට ගැටළුවක්ව පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවා සිටී .

ඉන්දියාවෙන් ඇණවුම් කළ එම  එන්නත් තොග කෙටි කලක් තුළදී මෙරටට  ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද  “කොවැක්ස්” වැඩසටහන යටතේ පවා  එම එන්නත් වර්ගය ලබාගැනීම ප්‍රමාද වන බවක් දක්නට ඇති බවද  වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද අවධාරණය කළේය .

ඒ අනුව පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවද වෛද්‍යවරයා මෙහිදී පැවසීය .

ගෝලීය මට්ටමෙන් මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වෙන බවත් එම පර්යේෂණ සාර්ථක වුවහොත් එසේ එන්නත් මිශ්‍ර කර ලබාදීම ක්‍රියාත්මක කල හැකි බවද ඒ මහතා පැවසීය .

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්