“දෙවසරක් තුළ රට ගොඩගන්න පුළුවන්”- වැඩබලන ජනපති

Picture of අසංක

අසංක

මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වසර ගණන් ගතනොවන බවත් සියලු දෙනා එක්ව කටයුතු කළහොත් ඉදිරි වසර 2 තුළ රට ගොඩනැගීමට හැකිවනු ඇති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෑස් අඛණ්ඩව සැපයීම ආරම්භ කර ඇති බවත් ලබන 21 දා සිට ඉන්ධන දිගටම සැපයීමට ද හැකියාව ලැබෙන බවත් හෙතෙම කියාසිටී.

අද දිනයේදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ගොවි ණය අහෝසි කර දැමීමට ද තමා වැඩබාරගත් පසුව වහාන පියවර ගත් බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ සියලු කටයුුතු හමාර කිරීම තම අරමුණක් බවත් හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට තමා කටයුතු කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

YouTube player