පසුගිය රජය සමයේ දරුණු ලෙස දේශපාලන පලිගැනීම් වලට ලක්වූ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සේවකයින් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන ඇත.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව පත් කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුවය.
ඒ අනුව මෙම දේශපාලන පලිගැනීම් පිලිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කොට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් ඊට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය