නවතම පුවත්

ට්‍රම්ප් හමුදාවේ රොකට් ප්‍රහාරයකින් ඉරාන හමුදා ලොක්කෙක් මරුට

අසංක

අසංක


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණදීම මත ඉරානයේ යුධ හමුදා රථ පෙළකට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ජෙනරාල් කාසීම් සුලෙයිමානි මරණයට පත්ව ඇත.

ඉරාකයේ බැග්ඩෑග් අගනුවර , ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.


මෙම ප්‍රහාරයෙන් ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ බලකායක් වන PMF බලකායේ නියෝජ්‍ය ප්‍රධානී අබු මහඩි අල්-මුහන්දිස් ද ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තාවේ.

ඉරාන යුධ ප්‍රධානියා රැගත් රථ පෙළට එල්ලවූ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණදීම මත සිදුකළ බව මේ වනවිට පෙන්ටගනය නිවේදනය කර ඇත.

ඉරාකයේ සිටින අමෙරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රහාරයන් හි සැලසුම්කරු ලෙස ජෙනරාල් කාසිම් සුලෙයිමානී බව හදුනාගෙන ඇති බවයි පෙන්ටගනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්