දේශපාලන පලිගැනීම් කමිටුවට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ගැන පොලිස්පතිගෙන් ජනපතිට පැහැදිලි කිරීමක්

Picture of අසංක

අසංක

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට දේශපාලන පලිගැනීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති උසස්වීම් සහ වෙනත් සහන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යම් පැහැදිළි කිරීමේ ලිපියක් යොමුකර තිබේ.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරන්නේ එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන එම පොලිස් නිලධාරීන් බොහොමයක් දෙනා සැබෑ ලෙසම දේශපාලන පළිගැනීම්වලට පලිගැනීම් වලට ලක්ව නොමැති බවයි.

එහි එක් නිලධාරියෙක් අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ කරන ලද පැමිණිල්ලකට අදාළව කළ විභාගයකින් පසු එම නිලධාරියා සේවය කළ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කර යවා එම පවුල රැක ගැනීමට කළ කටයුත්ත පවා දේශපාලන පළිගැනීමක් සේ කමිටුවට පෙන්වා දී ඇත.

මේ අයුරින් සැබෑ ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් රැසක් පිළිබඳ වෙන වෙනම පැහැදිලි කිරීම් එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.