නවතම පුවත්

“දේශපාලන බලපෑම් වාසි නිසා යුක්තිය ඉටුවන්නේ නෑ” – අගරදගුරු හිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වර්තමානයේදී බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් මතුව ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

වසර 70 ක කාලයක් තුළ මෙරට ජනතාවට යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව ද හෙතෙම කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කර තිබුණි.

”දැන් අපේ කතොලික් සමාජයට බලපාන පාස්කු ප්‍රහාරයේ සිදුවීම තුල අසාධාරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉශ්ට කරගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. එතන දේශපාලන බලපෑම් දේශපාලන වාසි ඕනෑ එපා කම් නිසා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මේක නිකන් අර මම ඉස්සෙල්ලා ඉදන් කිව්වා වගේ කාපට් එක යටට දාන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. සුළු සුළු ලාභ ප්‍රයෝජනවලට වාසිවලට තමන්ගේ ආත්මය පාවාදීලා තියෙනවා. එහෙම බැහැ අපි ඉන්න ඕනේ කතෝලික සභාව වශයෙන් ජනතාවගේ පැත්තේ. පාලකයින්ගේ පැත්තේ නෙමෙයි බලවතුන්ගේ පැත්තේ නෙමෙයි. රදගුරු නිලයක් ලැබුණා කියලා, රදගුරුතුමෙකුට බැහැ තමන්ට ලැබෙන වාසියක් ප්‍රයෝජනයක් වාහන පර්මිට් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදාගන්න කරන උදව්වක් ඉඩම් කෑල්ලක් ඒවා වගේ දේවල්වලට ආත්මය පාවා දෙන්න බැහැ අපිට. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය වෙනුවෙන් පෙනි සිටින්න” යැයි ද උන්වහන්සේ පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්