දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන 3500 ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු  (19) පස්වරුවේ  හඳුනාගැනීමත් සමග  ඊයේ  දිනය තුළ දී  හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් දක්වා ඉහල ගියේය .

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගොස් ඇත

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.