නවතම පුවත්

වරාය නගරයේ රැකියාවලින් 75%ක් ශ්‍රී ලාංකිකයින්ට !

port-city-colombo
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුය යන රෙගුලාසිය වරාය නගර පනත් කෙටුම්පතට එක්කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී

ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද අගමැතිවරයා කියා සිටියේය.

අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එම අදහස් පළ කළේය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසු අගමැතිවරයා ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පැවසු අගමැතිවරයා සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්