ද.අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ (02) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 300 ක් රැස්කර ගත්තේය.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 118 ක් රැස්කර ගත්තේය. එය ඔහුගේ තුන්වැනි එක්දින ශතකය ලෙස වාර්තතා පොත්වලට ඇතුලත් විය.

එසේම චරිත් අසංක ද අද ලකුණු 72 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

පිළිතුර ඉනිම වෙනුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට පන්දුවාර 50 අවසානයේදී රැස්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ලකුණු 286 ක් පමණි. ඒ කඩුලු පහක් දැවීය.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලීමට සමත්විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට තරග 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.