රමේෂ් වරල්ලෙගම
ආරක්ෂක ආමාත්‍යංශයේ දැනුවත්භාවයද ඇතිව දැනට පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙරට පෞද්ගලික සමාගම පතරොම් නිෂ්පාදනයට සුදානම්වන බවට ද කළම්බො එක්ස්ප්‍රස් පසුගිය 26 වැනිදා කළ හෙළිදරව්වට ආරක්ෂක අමාත්‍යංශයම ක්‍රියාත්මක වී ඇත.
පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සම්බන්ධයෙන් කිසිදු වග විභාගයක් නිසියාකාරව සිදුනොවන බවට ද කළම්බො එක්ස්ප්‍රස් කළ හෙළිදරව්වට අදාලව වනාතවිල්ලුවේ අක්කර 500ක භුමියක පතරොම් ගබඩාවකට ද පිඹුරුපත් සැකසෙන බව මුල්වරට අප වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.
වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය , ජෙලග්නයිට් කූරු , නිෂ්පාදනයන් නියමිත පරිදි ගල්කොරි සදහා පමණක් යොමුවේද යන්න ගැන සැක පහළ වී ඇතිබව ඒමගින් අනාවරණය කෙරිණි.
අදාල තොරතුරු පසක් කරමින් පුපුරණ ද්‍රව්‍ය සදහා යොදාගන්නා රසායනික හා ජෙලග්නයිට් තොග පිටින් අන්තවාදී ත්රස්තයන් සතුව තිබි සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය හොර රහසේ විදෙස් රටකින් ගෙනවිත් ඇත්ද නැතිනම් ලිපි ලේඛන පෙන්වා කූට ලෙස රේගුවෙන්ම ගෙනආවේද යන්න ගැන මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවා පරික්ෂණ පවත්වයි.