නවතම පුවත්

ධනුෂ්ක නිදොස් කොට නිදහස්

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක ලිංගික අතවරයට ලක්කළ බවට චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව‍ට විනිසුරු සාරා හගට් විසින් බ්‍රහස්පතින්දා කීය.

සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් දැනහඳුනාගත් කාන්තාවක් විසින් 32 හැවිරිදි ධනුෂ්කට එරෙහිව ලිංගිකව අපයෝජන චෝදනා කරමින් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පවරා තිබුණි. එම නඩුව විභාග කිරීම පසුගිය 21 වනදා අවසන් කෙරුණි.

“දෙදෙනා එක්වූ අවස්ථාවේදී වූ සංසර්ගය අඛණ්ඩව පැවති නිසා විත්තිකරුට සංසර්ගයේදී කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් තහවුරු වෙනවා.” විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියාය.

වින්දිතයා, හිතාමතාම බොරු සාක්ෂි ලබා නොදුන් නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට අවාසිදායක ලෙස සාක්ෂි ‍ලබාදීමට තරම් බුද්ධිමත් සාක්ෂිකාරියක බව විනිසුරුවරිය කිවාය.

‘පැමිණිල්ලට අදාළ සාක්ෂි පැමිණිලිකරුට සහාය නොදක්වන බව මට පෙනී යයි. ඒ වෙනුවට එය ඇගේ සාක්ෂිවල විශ්වසනීයත්වය යටපත් කරයි.’ විනිසුරුවරිය පැවසුවාය.

2022 නොවැම්බරයේදී මෙම සිදුවීම වූ අතර ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම නිසාත් ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පැවති නඩු විභාගය අතරතුර ගුණතිලකට ඇප ලැබුණු නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්