ධීවරයින්ගේ මාළු තොග ඉදිරි දින 4දී ආණ්ඩුව මිලට ගනී

Picture of අසංක

අසංක

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද පොල ආශ‍්‍රීතව කොරෝනා පොකුරක් බිහිවීමත් සමඟ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට ගැටළු මතුවූ අතර , ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිත ධීවර කටයුතුද තාවකාලිකව නතර විම ඊට හේතුවක් විය.

ඒ අනුව මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී සැමන් නිෂ්පාදනයට යොදා ගන්නා බව බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත