නවතම පුවත්

නිවෙස් නිරෝධායන පවුල්වලට සති 2කට වරක් බඩු මල්ලක්

අසංක

අසංක

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට උපදෙස් ලබාදී ඇති බවද කාර්ය සාධක බලකාය සඳහන් කර ඇත.

ව දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග‍්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක‍්‍රමානුකූලව සිදු කරන ලෙසට කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ අතර ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ එම කාර්ය සාධක බලකායේ අවධානය යොමුවී තිබේ.

සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප‍්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට මෙහිදී තීරණය වූ බවද එම කාර්ය සාධක බලකාය සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද එම කාර්ය සාධක බලකාය නිවේදනය කර ඇත

එබැවින් මහජන ආධාර, විශ‍්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡුාවේ දී උපදෙස් ලබාදුන් බවයි එම කාර්ය සාධක බලකාය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්