ධුර කාලය අවසන් වන දිනය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි!

Picture of අසංක

අසංක

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තම ධූර කාලය අවසන් වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී .

තමාට හිමි වසර පහක ධූර කාලය ආරම්භවන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දින සිටද එසේත් නැතහොත් තමා ධූරයේ දිවුරුම් දුන් දින සිටද යන්න නිශ්ච්තව දැනගැනීම මෙහිදී ජනපතිවරයාගේ අරමුණ වී ඇති බවද වාර්තාවේ .

මේ පිළිබඳව දනටමත් ජනපතිවරයා තම නීතීඥවරුන්ගෙන් කරුණු විමසා ඇති අතර ඒ නුව ඉදිරි දින කිහිපය තුළත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම මත විමසීම සිදුකිරීමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.

19 වැනි ව්‍යවස්තා සංශෝධනය සම්මතවුයේ 2015 වසරේ මැයි මස 15 වන දින වන අතර යම් හෙයකින් ජනපති ධූර කාලය ආරම්භවන්නේ එඩින් සිට බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් එම තීන්දුව ජනාධිපතිවරනයටද ඍජුවම බලපානු ඇති බව නීතිවේදීන් සඳහන් කර සිටිති.

එසේ වුවහොත් ජනපතිවරණ පැවැත්වීම ලබන වසර දක්වා කල් යා හැකි බවද ඔවුන් පෙන්වාදෙ .