නවතම පුවත්

නගරයට ජලය සපයන ජලනල ඇතුලේ විදුලිය නිපදවන අළුත්ම ක්‍රමයක්

අසංක

අසංක

විදුලි බලය නිපදවීම සඳහා , නවතම පරිසර හිතකාමී ක්‍රමවේදයක් ලොවට හඳුන්වාදීමට ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් නගරය සමත්ව ඇත.


නගරයට ජලය සපයන ජලනල හරහා විදුලිය නිපදවීම මෙම සුවිශේෂී ක්‍රමවේදය වන අතර , ඉතා සුපිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන මෙය මේ වනවිට ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්ත වෙතද ව්‍යාප්තවෙමින් ඇත.


පොර්ට්ලන්ඩ් නගරය , ලුසිඩ් බලශක්ති ආයතනය සමග එකාබද්ධව මෙම පෙරළිකාරී නිපැයුම සිදුකර ඇති අතර ඉතා අඩුවියදමකින් බලශක්තිය නිපදවීමටද මේ හරහා පොර්ට්ලන්ඩ් නගරයට අවස්ථාව උදාවී ඇත.


දැනටත් නගරයට ජලය ගෙනයන ජල නල වල කොටසක් සඳහා ලුසිඩ් ආයතනය නිෂ්පාදනය කල විශේෂ බලශක්ති උත්පාදන නල සවිකිරීම මෙහිදී සිදුකෙරෙන අතර එම නල වලට ටර්බයින් යන්ත්‍ර සවිකර ඇත.


නල හරහා ජලය ගලා යනවිට එම බලයෙන් ටර්බයින කරකැවීම ආරම්භවන අතර විදුලි බලය නිෂ්පාදනය කෙරෙන්නේ එමගිනි .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!