නවතම පුවත්

හොරු නැති පාර්ලිමේන්තුවක් පිහිටුවන්න කණ්ඩායමක් පෙරමුණට

අසංක

අසංක

එළඹෙන මැතිවරණයෙදී දූෂිතයින්ට , හොරුන්ට වංචාකරුවන්ට නාමයෝජනා ලබානොදීමට සියලු දේශපාලන පක්‍ෂ වගබලාගත යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ අවධාරණය කර සිටී .

මෙවැනි දූෂිතයින්ට , හොරුන්ට නාම යෝජනා නොදෙන ලෙස දේශපාලන පක්‍ෂ වෙත බලකිරීමට මහජනතාවද පියවර ගතයුතු බවත් ඒ සම්භන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා තම කණ්ඩායම විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවත් සිංහල දීප ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කර සිටී .

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තම අරමුණු සාර්ථක කරගැනීම සඳහා “හොරු නැති පාර්ලිමේන්තුවක්” “අවශ්‍ය වන බවත් එවන් පාර්ලිමේන්තුවක් ගොඩනැංවීම සඳහා සියලු දෙනා තම වගකීම් නිසිලෙස ඉටුකළ යුතු බවත් පසුගියදා කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී අචාර්ය බුද්ධික අධිකාරි මහතා සඳහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

මේ රටේ එක් පුද්ගලයෙකු වටා 69 ලක්ෂයක් ජනතාව ඉතිහාසයේ ප්‍රථම වරට ඒකරාශි වූ අවස්ථාව වූයේ පසුගිය ජනාධිපතිවරණයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ 69 ලක්ෂයක් ජනතාව ජන්ද දුන්නේ , හොරු නැති පාර්ලිමේන්තුවක් හදන්නයි.

, පෙහොට්ටු, ශ්‍රී ලංකා යු එන් පී , ජේ.වී.පී සැම පක්‍ෂයකටම අයත් පුද්ගලයින් අඩුවැඩි වශයෙන් මේ ජන්ද හැට නව ලක්ෂයේ ඉන්නවා.ඔවුන් සියළු දෙනාම ඉල්ලා සිටින්නේ 77 ජේ.ආර්. මෙරට ස්ථාපිත කළ මජර දේශපාලනය අවසන් කර, හොරු නැති පාර්ලිමේන්තුවක් පත් කරන ලෙසයි. අද දේශපාලඥයාගේ එකම අරමුණ සල්ලි හම්බ කිරීමයි. එයට හේතුව රටට ආදරය කරන උගත්, බුද්ධිමත්, සංවර මිනිසුන් පාර්ලිමේන්තුවට නොයෑමයි.

එයට පක්ෂ නායකයන් වගේම ජනතාවත් වගකිව යුතුයි. මේ සෑම පක්ෂයක්ම නාම යෝජනාදීමේ දි මේ වගකීම පෙරදැරිව කටයුතු කළ යුතුයි.එසේම මෙවර ජනතාව දේශපාලනය ජීවිතය කර නොගත් පුද්ගලයෙකු ජනාධිපතිධූරයට පත් කර ගත්තේ , ඒ වෙනස පාර්ලිමේන්තුවෙත් අපේක්ෂා කරමින් බවට සැකයක් නැහා .

අපේ රට දියුණු කළ හැක්කේ ගම පදනම් කරගත් ආර්ථික සංවර්ධන උපාය මාර්ග ඔස්සේය.

එවැනි දේශීයත්වය මත වූ සංවර්ධන චින්තනයකින් යුත් ප්‍රබුද්ධ පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යැවීම අපේ සිංහලද්වීප ජාතික පෙරමුණ පක්ෂයේ ඉලක්කයයි. ඒ සදහා ජනතාව දැනුවත් කිරීමට අපි කැප වී ක්‍රියාකරනවා .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා