නවතම පුවත්

නගර 100ක්‌ එකවර සංවර්ධනය මේ මස අග දී ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දීර්ඝ කාලයක්‌ නිස්සේ රටේ සංචර්ධනය නොවූ නගර සියයක්‌ එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහනාගේ ප්‍රධානන්චයෙන්‌ ඊයේ (14) දින අරලියගහ මන්දිරයේ දී පැචනි නාගරික සංචර්ධන අමාත්‍යංශ ප්‍රගනි සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය කෙරිණ.

ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවනින අසමතුලිතතාවය අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම්‌ ලබාදීම මේ ඔස්සේ අපේක්ෂිතය.

නාගරික සංචර්ධන හා නිචාස අමාතාංශය සහ ඊට අයත් නාගරික සංචර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා
පවිත්‍රතා කටයුතු සහ චෙරළ සංරක්ෂණ හා පහන්බිම්‌ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක ආයනන පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන්‌ අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රගතිය සමාලෝචනය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්‍රියාන්මක කරන නිචාස 60000 ක ච්‍යාපෘතියේ අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 32000 ක ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාන්‍යවරයා මෙහි දී චිමසා සිටියේය

අදාළ ව්‍යාපෘතිය සියයට පනහක ප්‍රගතියක්‌ අන්පන්‌ කරගෙන ඇති බවන්‌ එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාන්මක බවක්‌ නාගරික සංචර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.

කොළොන්නාව, ටොරින්ටන්‌, බ්ලුමැන්ඩල්‌, පෑලියගොඩ සහ ඔරුගොඩචන්ත ප්‍රදේශවල සහ මහනුවර,
කරුණෑගල, අනුරාධපුර සහ පොළොන්නරුවේ අලුතින්‌ ක්‍රියාත්මකචන මධ්‍යම පන්නික නිවාස යෝජනා
පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක්විය.

අඩු අදායම්‌ලාභීන්‌ වෙනුවෙන්‌ මහරගම, නුගේගොඩ සහ කෝට්ටේ නව නිචාස ව්‍යාපෘති කිහිපයක්‌
ක්‍රියාත්මකචන අතර කෝට්ටේ නිවාස ව්‍යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

පෞද්ගලික ආයෝජකයන්‌ සමඟ තවත්‌ නිවාස 12000ක්‌ ඉදිකිරීම සඳහා නාගරික සංචර්ධන අධිකාරිය මුලපුරා තිබේ. දැනට තිබෙන ඇවිදින මංතීරුවලට අමතරව දිස්ත්‍රික්ක 25 සඳහා අලුතින්‌ ඇවිදින මංතීරු 28ක්‌ නිර්මාණය වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්