අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 5කින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
2010 වසරේ සිට 2015 දක්වා සිය වත්කම් බැරකම් ප්රකාශ නිසිපරිදි ඉදිරිපත් නොකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකාර ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව නඩු 5ක් පවරා තිබුණි.
අදාළ නඩු සියල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අල්ලස් කොමිසම අපොහොසත් වී ඇතැයි තීරණය කළ ප්රධාන මහේස්ත්රාත්වරිය එම නඩු සියල්ලන්ගෙන්ම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
ඉෂාර රත්නකාර