නත්තල් සමයේ කොරෝනා නීති කඩන අය අල්ලන්න පොලීසිය සිවිල් පිට එයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
උත්සව සමයේදී කොරෝනා වසංගත නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරේ.
ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එම කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙවර උත්සව සමය සැමරීම සැමවිටම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසද රජය ඉල්ලා සිටී.
“තවත් සති දෙකකින් උත්සව සමය උදා වෙනවා.  මෙවර උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහම අපිට ඉඩදී නෑ. ඒ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට විතරක් සීමා කරන්න. විශේෂයෙන් මේ දිනවල පොලිසිය සිවිල් ඇඳුමෙන් පොදු ප්‍රවාහන සේවාවල නිරීක්ෂණයට යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජනතාව නිරෝධායන නීතිවලට අනුව කටයුතු කරන්නේදැයි එම නිලධාරීන් සොයාබලනු ඇති. එසේ නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ඒ වගේම මෙම නිලධාරීන්  බීමත්ව රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම් සහ වේගයෙන් රිය පැදවීම් ආදිය ගැනත් සොයා බලනු ඇති,” නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.