නවතම පුවත්

සෞදියේ ශ්‍රී ලාංකිකයින් 4000ක් යළි මෙරටට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4000 ක් පමණ මේ වනවිට  යලි මව්රටට යාමේ  අපේක්‍ෂාවෙන් සිටින බවත් ඔවුන් ඉදිරි සති කිහිපය තුල කුඩා කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී .
මෙහිදී පිළිකා රෝග , හදවත් රෝග ඇතුළු විවිධ අබාධ වලින් පෙලෙන පුද්ගලයින්ට හා විවිධ සැත්කම්වලට භාජනය වීමට නියමිතව ඇති පුද්ගලයින්ට ප්‍රමුඛස්ථානය ලබාදීමට කටයුතු යොදා ඇති බව සෞදියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා අප වෙබ් අඩවියට පැවසීය .
“පසුගිය සතියේ මෙලෙස ශ්‍රී ලංකාවට යාමට අපේක්‍ෂාවෙන් සිටි 391 දෙනෙකු , පිටත් කර යැවීමට අප කටයුතු කළා , එසේම මේ සතියේදී තවත් 50 දෙනෙකුට එම අවස්තාව ලබාදුන්නා . මේ සියලුදෙනාම ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් යානා වලින් තමයි ප්‍රවාහනය කරන්නේ” යැයි වික්‍රමාරච්චි මහතා පැවසීය .
මෙම විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබාදෙන ශ්‍රී ලංකා ගුවන් සේවයේ  රියාද් කළමණාකාර  සඳුන් ජයසිංහ මහතාට හා එම  කාර්යමණ්ඩලයට විශේෂ ස්තූතියක් පිරිනමන බවත් වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය .
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි