නවතම පුවත්

නත්තලේදී බෙත්ලෙහෙම පාළුවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොවපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදාවුණි.

නත්තලේ ලොව ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වු පාප් වහන්සේ, මෙසේ පැවසීය ,

“අද රාත්‍රියේ, අපගේ හදවත් තිබෙන්නේ බෙත්ලෙහෙමේ. අදත් යුද ගැටුම් හේතුවෙන් මේ ලෝකයේ ඉඩක් සොයාගත නොහැකිව ඔහු  ප්‍රතික්ෂේප වෙලා. ඔබ ඔබේම හදවත දෙස බලන්නේ නම්, ඔබේ දුර්වලතා සහ සමාව දිය නොහැකි මේ ලෝකය පිළිබඳව සිතන්නේ නම් ඔබට මේ නත්තල සැමරීම අපහසු විය හැකියි. සිදුවන සියල්ල අයහපත් බව ඔබට සිතේවි. නමුත් අද රාත්‍රීයේ ඉතිහාසය වෙනස් කරන්නේ ප්‍රේමය යි. ලෝක බලයට වඩා ප්‍රේමයේ බලය බලවත් බව අපි සිතමු…”

කෙසේ වුව ද ලොව පුරා කිතුණු බැතිමතුන් මෙලෙස නත්තල සමරද්දී ජේසු බිළිඳාගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් සිදුවන්නේ නැහැ.

ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නොනැවතී පවතින යුද්ධයයි.

දිගින්දිගටම ගාසා ‍තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් අත්හිටුවීමට පලස්තීනය තීරණය කර තිබේ.

මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම් නොපැවැත්වෙන්නේ පළමු වතාවටයි.

වෙනදා නත්තල් සැදෑවේ නත්තල් සිරියෙන් විචිත්‍රවත් වන බෙත්ලෙහෙම මෙවර පාළු ස්වභාවයක් ගෙන තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්