දිගු කාලයකට පසුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී ඇත .
. මේ වනවිට එරට සෞඛ්‍ය බළධාරීන් ඔහුට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.
මීට පෙර වාර්තා වූ ආසාදිතයන් සහ අලුතින් හඳුනා ගත් ආසාදිතයා අතර කිසිදු සබඳතාවයක් නොමැති බව මේ වනවිටත් අනාවරණය කරගෙන ඇත.
. යම් හෙයකින් වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව ප්‍රමාණවත් තොරතුර නොලදහොත් රට තුල නැවත සංචරණ සීමා පැනවීමටද ඉඩ තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත .
මෙම ආසාදිතයා හමුවීමත් සමග කැබිනට් මණ්ඩලය රැස් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් කටයුතු කර ඇති අතර ගතයුතු පියවර සම්බන්ධයෙන් කැබිනෙට්ටුව සාකච්ඡා කරමින් සිටීන බවද වාර්තාවේ .