නවසීලන්තයම මාසයක් ඩවුන්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත.


මෙම නව සීමාවලට අනුව නවසීලන්තයේ සියලු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමෙන අතර නවසීලන්ත වැසියන්ට සති හතරක කාලයක් නිවෙස්වල රැඳී සිටීමට සිදුවනු ඇත.

නවසීලන්තයෙන් මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැති නමුත් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 102ක් වේ.