කොරෝනා වෛසරය සාර්ථකව පාලනය කළ නවසීලන්තයෙන්ද මාස කිහිපයකට පසු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත .
.ඕස්ට්‍රේලියාවේ සිට පසුගිය දෙසැම්බර් 30 වනදා නවසීලන්තයට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බව සොයාගෙන ඇත .
එම කාන්තාවට ආසාධනය වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැණුනු නව කොරෝනා වෛරස් ප්‍රභේදය බවටද මේ වනවිට හඳුනා ගෙන තිබේ.
ආසාදිත කාන්තාවගේ සමීප ආශ්‍රිතයින් 15 දෙනෙකු පමණ හඳුනා ගෙන ඔවුන් නිරෝධායනයට යොමු කර ඇති අතර කෙසේ වෙතත් කොරෝනා පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ , ඇයගේ සැමියාට වෛරසය ආසාදනය වී නොමැති බවයි.
මේ අතර නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අවිට අනුව සාමජයෙන් අවසන් වරට ආසාදිතයෙකු වාර්තා වී තිබුණේ, පසුගිය නොවැම්බර් මාසයේදී ය.
මේ අතර මෙම නව ආසාදිතයා පිළිබඳ වාර්තාවීමත් සමගම ඔස්ට්‍රේලියාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවසීලනතයේ සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවීමට තීරණය කර තිබේ.