නවතම පුවත්

නවසීලන්තයේ ඡන්දය ඔක්තොම්බර් දක්වා දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රට තුළ නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් පිළිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් නවසීලන්තයේ මැතිවරණය ඔක්තෝබර් 17දා දක්වා සති හතරකින් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අගමැති ජසින්ඩා ආර්ඩේන් පවසයි.

“පැහැදිලිවම රජයක් ලෙස අපගේ වර්තමාන ප්‍රමුඛතාව වන්නේ කෝවිඩ්-19 පැතිරීම පාලනය කරගැනීම සහ නවසීලන්ත වැසියන්ට ඇති සීමාවන් හැකි ඉක්මනින් ඉවත් කිරීමයි” යනුවෙන් ෆේස්බුක් ලයිව් අමතමින් ආර්ඩේන් පැවසීය.

“ප්‍රජාවට ඇති සීමාවන් සමග ඉහළ මට්ටමේ පරීක්ෂණ සහ සම්බන්ධතා සොයාගැනීම් සහිතව රට තුළ වෛරසය නැවත නැගිටීම පාලනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා” බව අගමැතිනිය කීවාය.

“කෙසේ වෙතත්, විධිමත් මැතිවරණ කාලපරිච්ඡේදයේ ආරම්භයේදී ඕක්ලන්ඩ් හි කොවිඩ්-19 යළි ඉස්මතු වීම ගැන සැලකිලිමත් වීමට හේතු වී ඇති බව පැහැදිලියි” ආර්ඩේන් වැඩිදුරටත් සඳහන් කළාය.

නවසීලන්තය විසින් සිකුරාදා දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් 12ක් වාර්තා කර ඇති අතර, රට තුළ නැවුම් පැතිරීමක් සිදුව තිබුණේ දේශීයව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් තොරව දින 100කට වඩා වැඩි කාලයක් ගත කිරීමෙන් පසුවය. නව පොකුර ආශ්‍රිත පුපුරා යාමේ ප්‍රභවය සොයා ගැනීමට බලධාරීන් දැඩි ප්‍රයත්නයක යෙදෙන බැවින් රටේ වඩාත් ජනාකීර්ණ නගරය වන ඕක්ලන්ඩ් නගරය වසා දැමීමට මේ වනවිට ඔවුන්ට සිදුව ඇත.

මේ වන විටත් ලෝකයේ දැඩි ලොක්ඩවුන් සීමාවක් යටතේ රට සති පහක් ගත කර ඇති අතර එමගින් නවසීලන්තයේ බොහෝ ව්‍යාපාර සහ පාසල් වැසී ගොස් ඇති අතර, මිනිසුන් නිවෙස් තුළට වී සිටියි. අගමැතිනියද අනතුරු අඟවා ඇත්තේ නවසීලන්තයෙන් තවත් ආසාදිතයන් මතුවිය හැකි බවටය.

නවසීලන්තයේ නව කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බැවින්, ලබන සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ප්‍රමාද කරන ලෙස එරට පාලක සන්ධානයේ සාමාජික, නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස්ද පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

මේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම් ප්‍රමාණයක් අඩුවනු ඇති බවටද අනාවැකි පළ වෙමින් තිබේ.

අගමැතිනි ජසින්ඩා ආර්ඩේන් පැවසුවේ, පාර්ලිමේන්තුව අඟහරුවාදා යළි රැස්වන බවත් සැප්තැම්බර් 6දා එය විසුරුවා හරින බවත්ය. කෙසේ වෙතත් නැවත මැතිවරණ දිනය වෙනස් කිරීමට අදහස් නොකරන බව ඇය පවසා සිටියත්, වසංගතය පාලනය කරගැනීමේ අභියෝගය ඇය මත පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

#LIVE Update on election date

Publiée par Jacinda Ardern sur Dimanche 16 août 2020

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්