නවසීලන්තය අද සිට පූර්ණ ලෙස මාසයකට වසා දැමේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නවසීලන්තය පූර්ණ ලෙස වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව . අද (26) සිට මාසයක කාලයක් නවසීලන්තය මෙසේ වසා දැමෙනු ඇත
අදාල කාලසීමාව තුළ මෙම නියෝගයට යටත් නොවී කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැන්නන්ට දඩයකට හෝ සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවත් නවසීලන්ත රජය පවසයි

මෙම කාලසීමාව තුළ ජනතාවට නිවසින් එළියට පැමිණිය හැක්කේ ව්‍යායාම කිරීම සඳහා පමණි. ව්‍යායාම් කටයුතු සඳහා පිටතට පැමිණීමේදීද මීටර් දෙකක පරතරයක් පවත්වා ගත යුතු බව ද එරට රජය අවධාරණය කර ඇත..

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 283 ක් හමු වී ඇති අතර ඔවුන්ගෙන් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවමත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. එසේම මේ වනවිට ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ද සාමාන්‍ය තත්වයේ පසුවන බවයි වාර්තාවේ