නවසීලන්ත ඉස්ලාම් පල්ලි ප්‍රහාරකයාට ත්‍රස්තවාදි චෝදනා ගොනු කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා නවසීලන්තයේ ඉස්ලාම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට නවසීලන්තයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ඉස්ලාමීය පල්ලි දෙකකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයා එරට අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

නවසීලන්ත ත්‍රස්ත පනත යටතේ මොහුට චෝදනා ගොනු කර තිබෙනවා. 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටොරන්ට් නැමැත්තාට මෙම ප්‍රහාරවලදී පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්දයෙන් ද චෝදනා ගොනු කෙරුණා. ඔහු යළි ලබන 14 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී නියෝග කර තිබෙනවා.