නවතම පුවත්

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරකයා කාත්තන්කුඩියෙන් ගිය සම්සුදීන්

අසංක

අසංක

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සාප්පු සංකීර්ණයයේ සිටි 7 දෙනකුට පිහි පහර එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරකයා 31 හැවිරිදි අහමඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නැමැති ශ්‍රී ලාංකිකයා බවට වාර්තා වේ. ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න ද මේ බව තහවුරු කර ඇත. ඔහු මෙරට කාත්තන්කුඩි පදිංචිිකරුවකු වන අතර තවත් ප්‍රදේශ ගණනාවක සිට ඇති බවට ද වාර්තාවල දැක්වේ.

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් ප්‍රහාරකයාගේ නාමය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. මෙම ප්‍රහාරකයා සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදනවල තිබූ අඩුපාඩු නිසා අධීක්ෂණයේ පමණක් රඳවා තැබීමට එරට රජයට සිදුවූ බැවින් මේ මාසයේ සිටම ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති දැඩි කරන බව ඇය පැවසීය.

කෙසේවෙතත් සම්සුදීන් නමැත්තා 2011 වසරේදී ශිෂ්‍ය වීසා ලබා නවසීලන්තයට ගොස් ඇති අතර අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ (විශාල පිහි) ළඟ තබාගැනීම, කෲරත්වය ප්‍රවර්ධනය ආදී චෝදනා හේතුවෙන් 2016 සිට ඔහු අධීක්ෂණය යටතේ සිටියේය. 2017 වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් ඔහුට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබී ඇත.

ඔහුට අන්තර්ජාලය භාවිත කරන සන්නිවේදන උපකරණ ලබාගත හැකිව තිබුණේ එරට බලධාරීන්ගේ අනුමැතිය ඇත්නම් පමණි. එසේ තිබියදී ද ඔහු විසින් රහසිගතව අන්තවාදය ප්‍රවර්ධනය දිගටම කරගෙන ගොස් ඇත.

ඔහු මෙම පින්තූර සහ වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන ෆේස්බුක් ගිණුම් දෙකක් තිබී ඇති අතර පළමුවරට 2016 දී ඔහුට පොලිස් අනතුරු ඇගවීමක් කර තිබිම හේතුවෙන් ඔහු වෙනත් ගිණුම් රහසිගතව පවත්වාගෙන ගොස් ඇත.

බුරුම දේශසීමාවේදී මුස්ලිම් සුළු ජාතීන්ට එරෙහිව සිදු කරන ලද සාහසික ක්‍රියාවන් පිළිබඳ වීඩියෝ, ඡායාරූප මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ඔහුට විරුද්ධව එල්ල විය. කෙසේවෙතත් එම පින්තූර සහ අනෙකුත් වීඩියෝ පට වල මුස්ලිම් ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිදු වූ සාහසික ක්‍රියාවන් පෙන්නුම් කරන බව උසාවියේදී හෙළිවී තිබුණි.

චිත්‍රපට හා සාහිත්‍ය උපුටා දක්වමින් ද ඔහු ඉසස්ලාම් අන්තවාදය හා කෲරත්වය පැතිිරවීර නිසා ඒ සම්බන්ධයෙන් ඔහුට වාරණ තිබී ඇති බව එරට වාර්තාවල දැක්වේ. චිත්‍රපට, වීඩියෝ සහ ප්‍රකාශන වර්ගීකරණ පනත යටතේ අධිල් සම්සුදීන්ට එරෙහිව නඩු පැවරීමට ද ඇතැම් අවස්ථාවල කටයුතු යෙදීි තිබී ඇත.

ආදිල්ට ප්‍රහාරාත්මක ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාව එල්ල වූ අතර ඔහු අරමුදල් රැස් කිරීම සඳහා ලේඛනයක් භාවිතා කරමින් සිට ඇත.

ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා තහවුරු කළ නොහැකි හෙයින් ඔහුට තිබී ඇත්තේ ඉහත කී ආකාරයේ වෙනත් චෝදනා බැවින් ඔහු ආරක්ෂක අංශ භාරයේ රඳවාගත හැකි වූ කාලය සීමිත වී තිබුණි.

ඊයේ ඔහු බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ වූ අතර එය නවසීලන්ත ජනතාව කම්පනයට පත් කළේය. තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල ය. පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්