නවතම පුවත්

නව කොරා්නාවට පළමු වසරේම අප්‍රිකාවේ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් බිලි විය හැකියි – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග අසාර්ථක වුවහොත්, පළමු වසර තුළ අප්‍රිකාවේ වෙසෙන 190,000ක් පමණ දෙනා මියයෑමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

” නව කොරෝනා ලෝකයේ වෙනත් තැන්වල මෙන් අප්‍රිකාව තුළ ඝාතීය ලෙස ව්‍යාප්ත නොවනු ඇතත්, එය සම්ප්‍රේෂණය ඉහළ යන උණුසුම් ස්ථානයක් විය හැකියි” යනුවෙන් අප්‍රිකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

“අප්‍රිකානු කලාපයේ බොහෝ රජයන් විසින් ක්‍රියාශීලී ප්‍රවේශයක් නොගතහොත්, ඉදිරි වසර කිහිපය තුළ නව කොරෝනා අපේ ජීවිතයේ අංගයක් බවට පත්විය හැකියි. අප කඩිනමින් ජනතාව පරීක්ෂා කිරීම, ආසාදිතයන් ලුහුබැඳීම, ඔවුන් හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. ”

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කළේ පළමු වසර තුළ අප්‍රිකානුවන් මිලියන 29ත් 44ත් අතර සංඛ්‍යාවක් ආසාදනය විය හැකි බවය. මෙම පුද්ගලයන්ගෙන් මිලියන 5.5කට පමණ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය විය හැකි අතර, එය මහාද්වීපයේ බොහෝ ස්ථානවල වෛද්‍ය ධාරිතාව ඉක්මවා යන අගයක් බවද කියවුණි.

අප්‍රිකාවේ සෞඛ්‍ය සේවා පිළිබඳ මාර්තු මාසයේදී කරන ලද සමීක්ෂණයට අනුව කලාපයේ රටවල් 47ක මිලියනයක ජනතාවට සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව 9කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ  මෙය අතිශය කනගාටුදායක ලෙස කිසිදු ලෙසකින් ප්‍රමාණවත් නොවන අගයක් බවයි.

මේ අතර අප්‍රිකානු මහාද්වීපය පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව අප්‍රිකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි පවසයි.

“අප්‍රිකානු සෞඛ්‍ය සේවකයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට අප ඉතා සැලකිලිමත් වී සිටිනවා. බොහෝ අප්‍රිකානු රටවල දැනටමත් සෞඛ්‍ය සේවකයින්ගේ දැඩි හිඟයක් පවතිනවා. මෙසේ ඉදිරිපෙළ සේවකයන් රෝගාතුර වූ විට හෝ රැකියාවට නොපැමිණෙන විට, නිදන්ගත හා බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම වැනි අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රජාවන්ට ප්‍රවේශ විය නොහැකියි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්