නවතම පුවත්

නව කොරා්නා වෛසරය රට තුලට පැමිණිම වැලැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයන් සකස් කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළට පැමිණීම නතර කිරීමට අවශ්‍ය නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියා.

රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පැවසූ අතර   ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතී. එම රටවල සිට මෙරටට පැමිණෙන අය දින 14 කාලයක් නිරෝධායනයට ලක් කළයුතු බව කාර්ය සාධන බලකාය ජනාධිපතිට නිර්දේශ කළේය. එමගින් කොරෝනා වෛරසය පැතිරීමේ බලපෑමට ලක් නොවූ රටක් ලෙස ශ්‍රී ලංකාවට තවදුරටත් ක්‍රියාකළ හැකි බව සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් සමස්ත දිවයින ආවරණය වන පරිදි රෝහල් රැසක සැක සහිත රෝගීන් සාර්ථකව නිරෝධායනය කෙරේ.  කොරෝනා ආසාධිත  කිසිදු ශ්‍රී ලාංකිකයෙක් රට අභ්‍යන්තරයෙන් හමු වී නැත. විදෙස්ගතව සිට  පැමිණෙන ජනයාට යම් රෝග ලක්ෂණයක් ඇත්නම්  සැඟවී නොසිට සමාජයීය වගකීමෙන් ක්‍රියා කිරීම යුතුකමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රෝගය බෝවීම වැළැක්වීමට ගන්නා සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉදිරියේ දී නිරෝධායන ක්‍රියාවලිය ඇරඹීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන, සම්පත් දායකයන්, පහසුකම් සහ උපකරණ සපයා දීමට විධිමත්ව සූදානම් වන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්