නව කොරෝනා නිසා ට්විටර් කාර්යමණ්ඩලයට නිවසේ සිට සේවය කිරිමට අවසර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාරාන්තික නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන ලෙස එම සමාගම දැනුම් දී ඇත.

සිය ආයතනික බ්ලොග් අඩවියෙහි සටහනක් තබමින් ට්විටර් සමාගම පවසා ඇත්තේ හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම කාර්යාලයෙන් දුරස්ථව නිවසේ සිට සිය රාජකාරිය සිදු කළ යුතු බවකි ,. එමෙන්ම ටිවිටර් ආයතනය පවසන්නේ සිය ආයතනය ලොව පුරා සිටින සිය සේවකයන් 5000 සේවකයන්ට රැකියාවට නොපැමිණ සේවට කිරීමට දැඩි ලෙස දිරි ගන්වමින් සිටින බවය.

ආයතනය මෙම තීරණය ගනු ලබන්නේ සිය සමාගම් සේවකයන් සදහා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ගමන් සහ විවිධ අවස්ථාවන් සදහා සහභාගී වීම තහනම් කිරීමෙන් දින දෙකකට පසුවයි