නවතම පුවත්

ලෝකයේ හොදම ජංගම දුරකථන සන්නාමය සැම්සුන් ඇපල් ‍තෙවැනි ස්ථානයට ෂියෝමි වේගයෙන් ඉදිරියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 ක් තෝරා ඇත. ඒ  අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම වීම විශේෂත්වයකි.

මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ.එ දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබේ. සිව්වන ස්ථානයට ෂියෝමි පත්ව තිබේ.

පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ ශක්තිමත්භාවය, විදේශ ප්‍රවර්ධනය, ප්‍රවර්ධන අයවැය හා නවෝත්පාදනය ඇතුළු කරුණු කිහිපයක් යොදා ගනිමින් මෙම ලැයිස්තුව එළි දක්වා තිබුණි.

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10

01 සැම්සුන්ග් – දකුණු කොරියාව

02 හුවාවේ – චීනය

03 ඇපල් – ඇමෙරිකාව

04 ෂියෝමි – චීනය

05 ඔප්පෝ – චීනය

06 හෝනොර් – චීනය

07 විවෝ – චීනය

08 ලෙනෝවෝ  – චීනය

09 ටෙක්නෝ – චීනය (හොංකොං)

10 එල්.ජී- දකුණු කොරියා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්